"හර්බ් ලයින් ශ්‍රී ලංකා" ආයතනය, ශ්‍රී ලංකා කාන්තා කාර්යංශය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය වනිතා කටයුතු අංශය එක්ව සංවිධානය කරන ලද කාන්තා කාර්ය සංවිධාන සාමාජිකාවන් සඳහා විකල්ප ආදායම් උත්පාදන මාර්ග හඳුන්වා දීමේ වැඩසටහනක් වන "අත්වැල" ව්‍යාපෘතිය මේ වන විට කොට්ඨාසයේ කාන්තාවන් 67 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වේ.

 

නිවසෙහි එදිනෙදා කටයුතුවල සාමාන්‍ය පරිදිම නියැලෙමින්, අමතර ආදායමක් උපයමින් මෙම කාන්තාවන් පවුලට ඉමහත් ශක්තියක්ව සාර්ථක ව්‍යවසායකයින් පිරිසක් බවට පත්වීම මෙන්ම, මසකට රු.25000/- අධික ඉලක්කයක් ජය ගැනීම මෙම ව්‍යාපෘතියේ ප්‍රගතියට හේතු විය.

මෙම "අත්වැල" ව්‍යාපෘතියෙහි කණ්ඩායම් නායකයින් සහ නව සාමාජිකාවන්ගේ හමුවක්, අත්වැල ව්‍යාපෘතියේ කොලඹ දිස්ත්‍රික් කළමනාකරු (හෝමාගම ප්‍රාදේශීය කාන්තා බලමණ්ඩලයේ ලේකම්,සියඹලාගොඩ උතුර කාන්තා සමිතියේ ලේකම් )නිරෝෂා නිර්මලී මහත්මියගේ සම්බන්ධීකරණයෙන් 2024-02-07 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පවත්වන ලදී.

මෙහිදී, 2024 වර්ෂයේ ජනවාරි මාසය තුළ රු.218,000/- ක අලෙවියක් සිදු කළ දුමින්ද්‍රා කමලානි මහත්මිය එම මසට අදාළව හොදම අලෙවියක් සිදුකල බෙදාහරින්නා බවට පත්වු අතර ,ඇය තවදුරටත් දිරිගන්වනු පිණිස සහතිකපත් හා ත්‍යාග ප්‍රදානයක් සිදු කරන ලදී.

මෙම ඇගයීම් අවස්ථාව හා ව්‍යාපෘතිය ප්‍රතිලාභී හමුව වනිතා සංවර්ධන නිලධාරී අධීක්ෂණය යටතේ සෑම මසකම පලමු වන බදාදා කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වීමට මෙහිදී තීරණය විය.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාන්තාවන්ගේ සංවර්ධනය වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණය අත්වැල ව්‍යාපෘතියේ කොළඹ දිස්ත්‍රික් කළමණාකරු විසින් සිදුකරන ලද අතර, ව්‍යාපෘති ප්‍රතිලාභීන් අධීක්ෂණය කාර්යාලයීය වනිතා සංවර්ධන නිලධාරී විසින් සිදුකෙරුණි .

2024AthwelaProject

2024AthwelaProject 2

2024AthwelaProject 3

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top