හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,මීගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානය මගින් 76 වන ජාතික නිදහස් සැමරුම් දිනයට සමගාමීව සංවිධානය කරන ලද දේශනමය වැඩසටහන 2024.02.06 වන දින මීගොඩදෙණිය ප්‍රජා ශාලා පරිශ්‍රයේදී පවත්වන ලදී.
"නිදහස , කාන්තාව හා හෙට දවස" යන මැයෙන් සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන් විසින් මෙහිදී කාන්තාවන් වෙනුවෙන් දේශනය පවත්වන ලද අතර , "පවුලේ නිදහස වෙනුවෙන් මානසික සුවතාවය" පිළිබඳ දේශනය කාර්යාලයීය උපදේශන නිලධාරී සමන්ත අරඹේගම මහතා විසින් සිදුකරන ලදී.
සහකාර ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද මෙම වැඩසටහන සඳහා වසමෙහි නිලධාරීන් , ප්‍රාදේශීය කාන්තා බලමණ්ඩළයෙහි ලේකම්, ප්‍රජා නායකයින් සහ කාන්තා කාර්ය සංවිධාන සාමාජිකාවන්ගේ සහභාගීත්වය හිමිවිය.
මීගොඩ උතුර කාන්තා කාර්ය සංවිධාන නිලධාරීන් ව්සින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සැලසුම්කරණය හා අධීක්ෂණය කාර්යාලයීය වනිතා සංවර්ධන නිලධාරී සහ වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් සිදුකෙරුණි



















