හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වටරැක උතුර ග්‍රාම නිලධාරී වසමෙහි ස්ථාපිත කාන්තා කාර්‍ය සංවිධානය විසින් 76 වන නිදහස් සැමරුම් දිනයට සමගාමීව සංවිධානය කරන ලද ශ්‍රමදාන වැඩසටහන 2024.02.04 වන දින එම වසමෙහිදී පවත්වන්නට යෙදුණි.
වටරැක උතුර කාන්තා කාර්ය සංවිධාන නිලධාරීන් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර වැඩසටහන සැලසුම්කරණය හා අධීක්ෂණය කාර්යාලයීය වනිතා සංවර්ධන නිලධාරී සහ වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් සිදුකරන ලදී .

















