හෝමාගම සමෘද්ධි ප්රාදේශීය සංවිධානයේ සංවත්සර මහ සභා රැස්වීම කොළඹ දිස්ත්රික් සමෘද්ධි අධ්යක්ෂ අශෝක කුමාර මහතාගේ හා හෝමාගම ප්රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ ප්රදානත්වයෙන් ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේ දී ඉකුත්දා පවත්වන ලදී .
2024 වර්ෂය සදහා හෝමාගම සමෘද්ධි ප්රාදේශීය සංවිධානය වෙත නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත්කර ගැනීම, ක්රියාකාරී සැලැස්මට යෝජනා අනුමත කර ගැනීම මෙහිදී සිදුකෙරින.
දිස්ත්රික් ප්රජා මූල කළමණාකරු මල්ලිකා කුලතුංග මහත්මිය, මූලස්ථාන කළමණාකරු ටී.ජී.ශ්රයානි මහත්මිය, සමෘද්ධි බැංකු සමීතී කළමණාකරු පී.එස්.වේවැල්වල මහත්මිය, සමෘද්ධි කළමණාකරුවන් වන ප්රියන්ති ගුණවර්ධන මහත්මිය, තිලකරත්න බංඩා මහතා, කුසුම් ගමාරච්චි මහත්මිය , ශානිකා ඩයස් මහත්මිය, සමෘද්ධි ප්රජා මූල බැංකු සමීති කාර්යය මණ්ඩලය හා සමෘද්ධි ප්රජා මූල සංවිධාන ගරු සභාපතිවරුන් මෙම අවස්ථාවට සහභාගී වූහ.
හෝමාගම සමෘද්ධි ප්රජා මූල බැංකු සමීති ප්රජා මූල අංශය මගීන් මෙම ප්රාදේශීය සංවිධාන සංවත්සර කටයුතු සංවිධානය කරන ලදී.





















