හෝමාගම කොට්ඨාසයේ දේශීය වෛද්‍ය රෝහල් පහසුකම් අඩු ප්‍රදේශ වල පදිංචි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගේ සර්වාංග රෝග සදහා ආයුර්වේද තෙල් සත්කාරක සායනය , ශරීරයේ රුධිර පීඩනය පරීක්ෂාව හා දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබද දැනුවත් කිරීමක් 2024.02.13 දින අම්බලන්ගොඩ ශ්‍රී සුදර්මාරාම විහාරස්ථානයේ දී ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වන වෛද්‍ය දිලිප් ගිනිගේ මහතා හා වෛද්‍ය අනෝජා හේරත් මහත්මිය, ආයුර්වේද චිකිත්සක වෛද්‍ය දම්සිරි වික්‍රමාරච්චි මහතා, හා ආයුර්වේද සංරක්ෂණ සභාවේ පාරම්පරික වෛද්‍යවරුන් වන ආයුර්වේද වෛද්‍ය අයන්ති කෞශල්‍යා මහත්මිය ,ජ්‍යොතිෂ හා වාස්තු විද්‍යා විභූෂන කීර්ති ශ්‍රී දේශමාන්‍ය , පාරම්පරික වෛද්‍ය නවරත්න මැණිකේ දිසානායක මහත්මිය හා වෛද්‍ය ශිෂ්‍යයින්ගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලදී.
අම්බලන්ගොඩ ශ්‍රී සුදර්මාරාම විහාරස්ථානයේ රාජකීය පණ්ඩිත දේවාලගම ඥානරතන ස්වාමීන් වහන්සේ, සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමීති කළමණාකරු පී.එස්.වේවැල්වල මහත්මිය , පොල්ගස්ඕවිට සමෘද්ධි කළමණාකරු ප්‍රියන්ති ගුණවර්ධන මහත්මිය, ප්‍රජා මූල සංවර්ධන නිලධාරී නිලුක්ෂි තිලකරත්න මහත්මිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය දේශීය වෛද්‍ය අංශයේ සංවර්ධන නිලධාරීනී එන්.පුංචිහේවා මහත්මිය , අම්බලන්ගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ සමෘද්ධි සංවර්ධන නිලධාරිනී සනෝජා ගුණසේකර මහත්මිය , ග්‍රාම නිලධාරිනී තුමිය හා ආර්ථික සංවර්ධන නිලධාරිනිය , පොල්ගස්ඕවිට සමෘද්ධි කලාපයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් , සමෘද්ධි ප්‍රාදේශීය සංවිධානයේ ගරු නිලධාරීන් , අම්බලන්ගොඩ සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ නිලධාරී මණ්ඩලය ප්‍රමුඛ සමෘද්ධි ප්‍රාදේශීය සංවිධාන සමග විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනේ එක් පියවරක් ලෙස මෙම ආයුර්වේද වෛද්‍ය සායනය පැවැත්වීම හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී .චින්තක මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත හෝමාගම සමෘද්ධි ප්‍රාදේශීය සංවිධානය, සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමීිතිය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය දේශීය වෛද්‍ය අංශයේ සම්බන්ධීකරණයෙන් පොල්ගස්ඕවිට සමෘද්ධි කළමණාකරු ප්‍රියන්ති ගුණවර්ධන මහත්මියගේ අධීක්ෂණයෙන් අම්බලන්ගොඩ සමෘද්ධි සංවර්ධන නිලධාරී සනෝජා ගුණසේකර මහත්මිය ප්‍රමුඛ අම්බලන්ගොඩ සමෘද්ධි ප්‍රජා මූල සංවිධානය මෙම සායනය සංවිධානය කරනු ලැබීය.




















