"මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි " යන්න වඩාත් පසක් කරමින් ,හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි,  වටරැක දකුණ ග්‍රාම නිලධාරී වසමෙහි ජීවත්වන , විශේෂ අවශ්‍යතා ඇති නිවුන් දරුවන් සඳහා සනීපාරක්ෂක උපකරණ, වියලි ආහාර,සේදුම් ද්‍රව්‍ය හා ඖෂධ ලබාගැනීම සඳහා  අවැසි මුදල් ප්‍රදානය  කිරීම  සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා  සිදුවිය.

 

 හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී.තේනුවර මහතාගේ  සම්බන්ධීකරණයෙන්, වෛද්‍ය හරීන්ද්‍රා වීරකෝන් මහත්මිය, NVC අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ සුමේධි  ජයසේකර මහත්මිය   සහ තාරුකා හේවගේ මහත්මිය  යන අයගේ අනුග්‍රහය මෙම සද්කාර්යය සඳහා හිමි විය.

 වටරැක දකුණ වසමෙහි  ග්‍රාම නිලධාරී  , ආර්ථික සංවර්ධන නිලධාරී සහ එක්ව කාර්යාලයීය සමාජ සේවා  අංශය මෙම වැඩසටහන සංවිධානය සහ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලදී .

handsofhumanity2024

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top