හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමඟ සම්බන්ධව ‍ කටයුතු සිදු කරනු ලබන ව්‍යාපාරයන්හි  පසු විපරම් සිදු කිරීමේ  වැඩසටහන  2024-06-13 වනදින  ග්‍රාම නිලධාරී වසම් කිපයක් ආශ්‍රිතව  සිදු කරනු ලැබිණි .

 

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාවලමුල්ල, පනාගොඩ බටහිර, දොලහේන, ප්‍රසන්නපුර,පිටිපන නගරය යන  ග්‍රාම නිලධාරී වසම්හි සබන්,ඇඟලුම්, අත්කම් නිර්මාණ, පොල්තෙල් , සපත්තු අඩි නිෂ්පාදන, කුකුල් පාලනය යන ක්ෂේත්‍රයන්හි පවතින ව්‍යාපාරයන්  නිරීක්ෂණය සිදු කිරීම මෙමගින් සිදුකෙරුණි .

මෙම ව්‍යාපාරයන්හි පවතින තත්වය සහ ගැටලු හඳුනා ගැනීම, ඒ සඳහා උපදේශනය ලබා දීම මෙම වැඩසටහනෙහි අරමුණ වූ අතර ,  කොළඹ දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයෙහි  සහකාර අධ්‍යක්ෂ දමිතා නාරසිංහ මහත්මිය මේ  අවස්ථාව සඳහා සම්බන්ධ වූ අතර,  නාවලමුල්ල  ග්‍රාම නිලධාරී වසමෙහි ව්‍යාපාර නිරීක්ෂණය සඳහා සමෘද්ධි  සංවර්ධන නිලධාරී තුසිර ඉන්දික  මහතාගේ සහභාගීත්වය ද හිමිවිය.

ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත මෙම වැඩසටහන  කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරීන් විසින් සංවිධානය කරන ලදී.

20240613BusinessTracking

20240613BusinessTracking 2

20240613BusinessTracking 3

20240613BusinessTracking 4

20240613BusinessTracking 5

20240613BusinessTracking 6

20240613BusinessTracking 7

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top