හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නව සිව් මහල් ගොඩනැගිල්ල විවෘත කිරීම නිමිති කරගෙන සංඝගත දක්ෂිණාවක් සෙත් පිරිත් සජ්ඡායනාවක් පසුගිය විසිපස් වෙනිදා (25) නව සිව්මහල් ගොඩනැගිල්ලේදී පැවැත්විණ.
ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක, සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී.තේනුවර මහත්වරුන් ප්‍රමුඛ කාර්යාලයීය මාණ්ඩලික නිලධාරීන් , කාර්යාලයීය සියළු අංශයන්හි නිලධාරීන්, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරි කටයුතු කළ ස්ථාන මාරු හා විශ්‍රාම ලැබ ගිය මාණ්ඩලික නිලධාරීන් හා කාර්යාලයීය සියළු අංශයන්හි සේවය කළ නිලධාරීන් , වෙනත් රාජ්‍ය ආයතයන්හි මාණ්ඩලික නිලධාරීන් ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සියළු අංශයන් සමග සහ සම්බන්ධව කටයුතු කරන නිලධාරීන් හා ස්වේච්ඡා සංවිධාන වල නිලධාරීන්ද මෙම අවස්ථාවට එක්වූහ .
ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය මාණ්ඩලික නිලධාරීන් හා සියළු අංශ වල නිලධාරීන් එක්ව මෙම සංඝගත දක්ෂිනාව සංවිධානය කරන ලදී .







































