පාසල් සිසුන් සඳහා විධිමත් අධ්‍යාපන ගමන් මගක් වෙනුවෙන් අත්වැල සපයමින් සංවිධානය වූ කාණ්ඩ විෂයන් හඳුන්වාදීමේ වැඩසටහන 2024.08.14 දින හෝමාගම මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මේ සඳහා එම විද්‍යාලයෙහි 9 වසර සිසුන් සහභාගී වූ අතර, අනාගත තරඟකාරී ලොව අභියෝගයන් සඳහා අධ්‍යාපනය පිළිබඳ දරුවන් දැනුවත් කිරීම සහ එ් සඳහා කාණ්ඩ විෂයන් තෝරාගැනීම පිළිබඳ දැනුවත් කිරීම මෙමගින් සිදුවිය.
මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවෙහි වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරීන් වන එරන්දතී රන්දෙණිය මහත්මිය, විජිතා පද්මකාන්ති මහත්මිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය මානව සම්පත් සංවර්ධන නිලධාරී ජනක බණ්ඩාර මහතා සහ කැස්බෑව, කොලොන්නාව, කඩුවෙල සහ තිඹිරිගස්යාය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි මානව සම්පත් සංවර්ධන නිලධාරීන් විසින් සම්පත් දායකත්වය සපයන ලදි.
ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත මෙම වැඩසටහන කාර්යාලයීය මානව සම්පත් සංවර්ධන නිලධාරීන් විසින් සංවිධානය කරන්නට යෙදුණි.





















