හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි අඩුආදායම්ලාභී පවුල්වල අ.පො.ස.(උ.පෙ) විභාගය සඳහා සෞන්දර්ය විෂයන් හදාරනු ලබන දරුවන් සඳහා ප්රදානය කිරීමට අපේක්ෂිත "ප්‍රතිභා" ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබඳ සාකච්ඡාව 2024-08-13 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි.
හෝමාගම ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහනෙහි සාකච්ඡාව සඳහා සංස්කෘතික නිලධාරී නාලිනී ස්වර්ණලතා මහත්මිය සහ සංස්කෘතික බලමණ්ඩල කාරක සභා සාමාජිකයින්ගේ සහභාගීත්වය හිම්විය.
ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම සහ අධීක්ෂණය මත “ප්‍රතිභා” ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ වන අතර, මෙම වැඩසටහන සම්බන්ධීකරණය සහ සංවිධානය කාර්යාලයීය සංස්කෘතික අංශය විසිනි.

















