සමෘද්ධි නිවාස ලොතරැයි අරමුදලේ මුල්‍ය දායකත්වය  මත ක්‍රියාත්මක කරනු  ලබන සමෘද්ධි විශේෂ  නිවාස වැඩසටහනින් "රන් විමන" නිවාස වැඩසටහන යටතේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොල්ගස්ඕවිට සමෘද්ධි කලාපයට අයත් අම්බලන්ගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ හිසට නිවහනක් නොමැතිව සොහොයුරාගේ නිවසේ පාසැල් අධ්‍යාපනය ලබන ගැහැණු දරුවක් දෙදෙනෙකු හා පිරිමි දරුවෙකු සමග අංක 83/7, වෙලකුඹුර පාර, අම්බලන්ගොඩ, පොල්ගස්ඕවිට පදිංචි ඒ.කේ.ප්‍රියදර්ශනී  මහත්මියගේ  පවුල වෙත ඉදිකල  නිවස පසු විපරම්  පරීක්ෂාවක් කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ.ජී.එස්. අශෝක කුමාර මහතාගේ හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ  ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරින.

සමෘද්ධි නිවාස ලොතරැයි අරමුදලේ රුපියල් හත් ලක්ෂ පනස් දහසක (750,000/=) මුල්‍ය දායකත්වයෙන්  හා පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර ඇතිව රුපියල් ලක්ෂ දහඅටක පමණ නිමි වටිනාකමකින් යුත් නිහනක් හා ස්වයං රැකියාවක් ලෙස කෙටි කෑම අලෙවිය සදහා ස්ථානයක්  නිවසට යාබදව ඉදිකරදී මෙම පවුල වෙත යහපත් ජීවන ගමනකට කටයුතු  ඉටුකරදීම අම්බලන්ගොඩ සමෘද්ධි සංවර්ධන නිලධාරිනී සනෝජා ගුණසේකර මහත්මිය විසින්  සිදුකරන ලදී .

මෙම නිවහනට විදුලිය ලබාදීමට ආර්ථික සංවර්ධන නිලධාරිනී නිරෝෂා දමයන්ති මහත්මිය මූලිකත්වය ගෙන කටයුතු  කරන ලදී.

කොළඹ දිස්ත්‍රික් සමාජ සංවර්ධන කළමණාකාරු ගෝපිකා පල්ලියගුරු,හෝමාගම සමෘද්ධි බැංකු සමීති කළමණාකරු පී.එස්.වේවැල්වල මහත්මිය, මූලස්ථාන සමෘද්ධි කළමණාකරු ටී.ජී.ශ්‍රියානි මහත්මිය, පොල්ගස්ඕවිට සමෘද්ධි කළමණාකරු ප්‍රියන්ති ගුණවර්ධන මහත්මිය, ග්‍රාම නිලධාරී තුමය, සමාජ සංවර්ධන සහකාර කාන්තිකා හුලත්දූව මෙනවිය,මෙම නිවහන ඉදීකිරීමට මූලික කටයුතු  සිදුකල සමෘද්ධි සංවර්ධන  නිලධාරීිනී  ටී.ජී.අයිරාංගනී මහත්මිය හා සමෘද්ධි සංවර්ධන නිලධාරී තුසිත සමන් මහතා මෙම අවස්ථාවට සහභාගී වූහ.

20240824houseambalangoda

20240824houseambalangoda 2

20240824houseambalangoda 3

20240824houseambalangoda 5

20240824houseambalangoda 6

20240824houseambalangoda 7

20240824houseambalangoda 8

20240824houseambalangoda 9

20240824houseambalangoda 10

20240824houseambalangoda 14

20240824houseambalangoda 15

20240824houseambalangoda 17

20240824houseambalangoda 19

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top