සමෘද්ධි නිවාස ලොතරැයි අරමුදලේ මුල්‍ය දායකත්වය මත ක්‍රියාත්මක කරනු ලබන සමෘද්ධි විශේෂ නිවාස වැඩසටහනක් වන "ජය විමන" නිවාස වැඩසටහන යටතේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රසන්නපුර ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පොල්ගස්ඕවිට සමෘද්ධි කලාපයේ අංක 74/සී/1 පාලගම, පොල්ගස්ඕවිට ලිපිනයෙහි කුඩා ගැහැණු දරුවන් තිදෙනෙකු හා පිරිමි දරුවන් දෙදෙනෙකු සමග කුලී නිවහනක පදිංචිව සිටි ආර්.ඔනාලි අමාදසුනි මහත්මියගේ පවුල වෙත ඉදිකල නිවස පසු විපරම් පරීක්ෂාවක් කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ.ජී.එස්. අශෝක කුමාර මහතාගේ හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරින.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ලද රුපියල් දෙලක්ෂ පනස් දහසක ( 250,000/=) මුල්‍ය දායකත්වය ඇතිව රුපියල් ලක්ෂ පහක පමණ නිමි වටිනාකමකින් යුත් මෙම නිවහන ඉදිකර භාරදීමේ කටයුතු පාලගම රාජකාරි කටයුතු කළ සමෘද්ධි සංවර්ධන නිලධාරිනී දර්ශිකා මනෝහරී මහත්මිය හා සමෘද්ධි සංවර්ධන නිලධාරිනී නිමාලි ප්‍රියදර්ශනී මහත්මිය විසින් සිදුකරන ලදී .
කොළඹ දිස්ත්‍රික් සමාජ සංවර්ධන කළමණාකාරු ගෝපිකා පල්ලියගුරු, හෝමාගම සමෘද්ධි බැංකු සමීති කළමණාකරු පී.එස්.වේවැල්වල මහත්මිය, මූලස්ථාන සමෘද්ධි කළමණාකරු ටී.ජී.ශ්‍රියානි මහත්මිය, පොල්ගස්ඕවිට සමෘද්ධි කළමණාකරු ප්‍රියන්ති ගුණවර්ධන මහත්මිය, සමාජ සංවර්ධන සහකාර කාන්තිකා හුලත්දූව මෙනවිය, සමෘද්ධි සංවර්ධන නිලධාරිනී තුෂාරි ඉලේපෙරුම මහත්මිය මෙම අවස්ථාවට සහභාගී වූහ.





















