සමෘද්ධි නිවාස ලොතරැයි අරමුදලේ මුල්‍ය දායකත්වය මත ක්‍රියාත්මක කරනු ලබන සමෘද්ධි විශේෂ නිවාස වැඩසටහනක් වන "රන් විමන"  නිවාස වැඩසටහන යටතේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිටිපන සමෘද්ධි කලාපයේ ප්‍රසන්නපුර ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ අංක 163/20, පිටිපන දකුණ, ප්‍රසන්නපුර ලිපිනයෙහි බිරිද, අධ්‍යාපන ලබන පිරිමි දරුවන් දෙදෙනෙකු සමග තාවකාලික නිවහනක පදිංචිව සිටි ටී.අසත් චන්දිම මහතාගේ  පවුල වෙත ඉදිකල නිවස පසු විපරම් පරීක්ෂාවක් කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ.ජී.එස්. අශෝක කුමාර  මහතාගේ හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ  ප්‍රධානත්වයෙන්  පසුගියදා සිදුකෙරින.

 සමෘද්ධි නිවාස ලොතරැයි අරමුදලේ රුපියල් හත් ලක්ෂ පනස් දහසක (750,000/=) මුල්‍ය දායකත්වයෙන් හා  පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර  ඇතිව රුපියල් ලක්ෂ පහලොවක පමණ නිමි වටිනාකමකින් යුත් මෙම නිවහන  ඉදිකර භාරදීමේ කටයුතු  ප්‍රසන්නපුර රාජකාරි කටයුතු කළ සමෘද්ධි සංවර්ධන නිලධාරිනී යූ.හර්ෂනී ලසන්තිකා මහත්මිය හා සමෘද්ධි සංවර්ධන නිලධාරිනී සුජීවා බොරළුගොඩ  මහත්මිය විසින් සිදුකරන ලදී .

කොළඹ දිස්ත්‍රික් සමාජ සංවර්ධන කළමණාකාරු ගෝපිකා පල්ලියගුරු, හෝමාගම සමෘද්ධි බැංකු සමීති කළමණාකරු පී.එස්.වේවැල්වල මහත්මිය, මූලස්ථාන සමෘද්ධි කළමණාකරු ටී.ජී.ශ්‍රියානි මහත්මිය, පිටිපන සමෘද්ධි කළමණාකරු පියනන්ද සමන් කුමාර මහතා හා සමාජ සංවර්ධන සහකාර කාන්තිකා හුලත්දූව මෙනවිය මෙම   අවස්ථාවට සහභාගී වූහ.

20240824houseprasannapura 3

20240824houseprasannapura 5

20240824houseprasannapura 6

20240824houseprasannapura 7

20240824houseprasannapura 8

20240824houseprasannapura 9

 

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top