කොට්ඨාසයේ ව්‍යවසායකින් සවිමත් කරමින්, ඔවුන්ගේ ව්‍යාපාර සඳහා වැඩි ප්‍රතිලාභ සහිත වෙළඳපොලක් ලබාදීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ "SED MINI FAIR " වෙළඳ ප්‍රදර්ශනය සහ අළෙවි පොළ 2024-08-28 සහ 29 යන දිනයන්හි හෝමාගම නාගරික වෙළඳ සංකීර්ණය ඉදිරිපිට භූමියෙහි සාර්ථකව පැවැත්විණි.
මේ සදහා කොට්ඨාසයේ ව්‍යවසායකයින් 14 දෙනෙකු සහභාගී වූ අතර ඇඳුම්, විසිතුරු මල් ආහාර,පාවහන්,බෑග්, අත්කම් නිර්මාණ සහිත වෙළඳ කුටිවලින් ප්‍රදර්ශනය සමන්විත විය.
ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත මෙම වැඩසටහන කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරන ලදී.





















