හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය විදාතා සම්පත් මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ පාවහන් නිෂ්පාදනය පිළිබඳ එක් දින පුහුණු වැඩමුළුව පසුගියදා කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ඉතා සාර්ථකව පැවැත්විණි.
නොමිලේ පැවැත්වූ මෙම වැඩමුළුව සඳහා පාවහන් නිෂ්පාදන කාර්මාන්තය සඳහා එළැඹීමට අපේක්ෂිත විශාල ව්‍යවසායක ප්රජාවකගේ සහභාගීත්වය හිමිවිය.
මේ සඳහා සම්පත් දායකත්වය සීතාවක විදාතා සම්පත් මධ්‍යස්ථානයේ ක්ෂේත්‍ර සම්බන්ධිකාරක ජගත් රෝහාන් මහතා විසින් ලබාදෙන ලද අතර, ප්‍රාදේශීය ලේකම්තුමාගේ මඟ පෙන්වීම මත මෙම වැඩසටහන හෝමාගම විදාතා සම්පත් මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලදී.



















