සෞඛ්‍ය අමාත්‍යාංශය, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය දේශීය වෛද්‍ය අංශය හා සමෘද්ධි අංශය එක්ව සංවිධානය කරනු ලබන මානසික හා ශාරීරික නිරෝගී සුවතාවයකින් යුතුව දිවිගෙවීමට "යෝග" ත්‍රෛයිමාසික පුහුණු වැඩසටහනක් උඩුවන සුපේශලාරාම විහාරස්ථ ශාලාවේදී පසුගිය හතරවෙනි (4) බදාදා දින ආරම්භ කරන ලදී.
යෝගාචාර්ය කුංචන හෂින්ත ඩයස් මහතා ගේ සහ යෝග අරණ ප්‍රධානාචාර්ය හසින්ත නාගහවත්ත යන මහතාගේ සම්පත් දායකත්වයෙන් මෙම යෝග පුහුණු වැඩසටහන පැවැත්වේ.
ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී.තේනුවර මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය දේශීය වෛද්‍ය අංශය, සමෘද්ධි අංශය හා එක්ව උඩුවන සමෘද්ධි සංවර්ධන නිලධාරිනී නදීකා පුෂ්පකුමාරි මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

















