හෝමාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පානළුව ග්රාම නිලධාරී වසමෙහි දූ - දරුවන්ගේ එකමුතුවෙන් "දිරිය දරුවෝ" ළමා සමාජය ගල්වලමුල්ල ප්රජාශාලාවෙහිදී පසුගියදා ආරම්භ විය.
මෙම අවස්ථාව සඳහා වසමෙහි ග්රාම නිලධාරී, සංවර්ධන නිලධාරී, ළමා හිම්කම් ප්රවර්ධන නිලධාරිනී ඇතුළු දූ-දරුවන් රැසක් සහභාගී වූ අතර, ළමා සමාජයක් පිහිටුවීම සහ එය පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳ ළමා හිම්කම් ප්රවර්ධන නිලධාරී ධම්මිකා රත්නශීලි මහත්මිය විසින් පිරිස දැනුවත් කිරීමට කටයුතු යෙදුණි.



















