හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රජා විශෝධන ආඥාලාභීන්ගේ ආධ්‍යාත්මක සංවර්ධනය සහ ආගමික නැඹුරුතාවය තුළින් යහපත් ජීවන පැවැත්මක් ඇතිකරලීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ බෝධිපූජා සහ ධර්ම දේශනාමය පිංකම පසුගියදා හෝමාගම පුරාණ විහාරස්ථානයේදී පැවැත්විණි.

මෙම පුන්‍යකර්මය සඳහා හෝමාගම පුරාණ විහාරවාසී පූජ්‍ය ගුණානන්ද ස්වාමීන් වහන්සේ වැඩමවා වදාළ අතර, උන්වහන්සේ විසින් ප්‍රජාවිශෝධන ආඥාලාභීන්ගේ යහපත් ජීවන පැවැත්මක් උදෙසා, ආධ්‍යාත්මික සංවර්ධනය පිණිස ධර්ම දේශනය පැවැත්වූ සේක.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංවර්ධන නිලධාරීන් (ප්‍රජා විශෝධන) හා හෝමාගම ප්‍රජා විශෝධන කාර්යාලයීය ප්‍රජා විශෝධන නිලධාරීන්  විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර,  මේ  සඳහා අඥාලාභින් විශාල පිරිසකගේ සහභාගීත්වය හිමිවිය.

20240907

20240907 2

20240907 3

20240907 4

 

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top