හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රජා විශෝධන ආඥාලාභීන්ගේ ආධ්‍යාත්මක සංවර්ධනය සහ ආගමික නැඹුරුතාවය තුළින් යහපත් ජීවන පැවැත්මක් ඇතිකරලීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ බෝධිපූජා සහ ධර්ම දේශනාමය පිංකම පසුගියදා හෝමාගම පුරාණ විහාරස්ථානයේදී පැවැත්විණි.
මෙම පුන්‍යකර්මය සඳහා හෝමාගම පුරාණ විහාරවාසී පූජ්‍ය ගුණානන්ද ස්වාමීන් වහන්සේ වැඩමවා වදාළ අතර, උන්වහන්සේ විසින් ප්‍රජාවිශෝධන ආඥාලාභීන්ගේ යහපත් ජීවන පැවැත්මක් උදෙසා, ආධ්‍යාත්මික සංවර්ධනය පිණිස ධර්ම දේශනය පැවැත්වූ සේක.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංවර්ධන නිලධාරීන් (ප්‍රජා විශෝධන) හා හෝමාගම ප්‍රජා විශෝධන කාර්යාලයීය ප්‍රජා විශෝධන නිලධාරීන් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර, මේ සඳහා අඥාලාභින් විශාල පිරිසකගේ සහභාගීත්වය හිමිවිය.














