සමථකරණය තුළින් ගැටුම් නිරාකරණය පිළිබඳ හෝමාගම කලාපීය සණස කාන්තා සංගමයෙහි සාමාජිකාවන් දැනුවත් කිරීමේ වැඩසටහන පසුගියදා ඕවිට්ගම සණස සමිති ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ගැටුම් නිරවුල්කරණයට සමථකරණය, චිත්තවේග කළමනාකරණය හා ආකල්ප සංවර්ධනය පිළිබඳ ප්‍රජාව දැනුම්වත් කිරීම මෙම වැඩසටහනෙහි අරමුණ විය.
මෙම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් 65 දෙනෙකුගේ සහභාගීත්වය හිමිවූ අතර, කාර්යාලයීය සමෘද්ධි සංවර්ධන නිලධාරී චමිලා ජයතුංග මහත්මියගේ සම්බන්ධීකරණයෙන් කොළඹ දිස්ත්‍රික් සණස සංගමය විසින් සංවිධානය කරන ලදී.
මේ සඳහා සම්පත්දායකත්වය කාර්යාලයීය සමථ සංවර්ධන නිලධාරී කේ.ඩී.හිමාලි කටුගම්පල මහත්මිය විසින් ලබාදෙන ලදී.




















