ප්රජා විශෝධන ආඥාලාභීන්ගේ මානසික සුවතාවය සහ කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ "සරුංගල් තරගය" කටුවාන බයිපාස් මාර්ගය ආශ්රිත ප්රදේශයෙහිදී පසුගියදා පැවැත්විණි.
ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ප්රජා විශෝධන සංවර්ධන නිලධාරීන් විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා හෝමාගම ප්රජා විශෝධන කාර්යාලයීය ප්රජා විශෝධන සංවර්ධන නිලධාරී සහ වැඩ පරීක්ෂකගේ සහභාගීත්වයද හිමිවිය.














