පාසල් දරුවන් අනාගත වැඩ ලෝකය පිළිබඳ දැනුවත් කිරීම, ඒ සඳහා බලගැන්වීම යන අරමුණු පෙරදැරිව සංවිධානය වූ “වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් මාලාවෙහි” ප්‍රථම අදියර පසුගියදා බප/හෝ/මහින්ද රාජපක්ෂ විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ උසස්පෙළ සිසු දරුදැරියන් ඉලක්ක කරගනිමින් පැවැත්වූ මෙම වෘත්තීය පුහුණු වැඩසටහන සඳහා සම්පත් දායකත්වය මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවෙහි වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරින් හා අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ නිපුණතා සංවර්ධන නිලධාරින් විසින් ලබාදෙන ලදී.
ප්‍රාදේශීය ලේකම්තුමාගේ මඟ පෙන්වීම මත මෙම වැඩසටහන කාර්යාලයීය මානව සම්පත් සංවර්ධන නිලධාරින් හා නිපුණතා සංවර්ධන නිලධාරින් විසින් සංවිධානය කරන ලදි.














