හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, දැනට ව්‍යාපාරයන්හි නිරත ව්‍යවසායකයින් ඉලක්ක කරගනිමින් සංවිධානය වූ "ව්‍යාපාරය සැලසුම් සැකසීමේ" වැඩසටහන 2024-09-24 සහ 25 යන දිනයන්හි හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී ව්‍යාපාර සැලැස්මක් සැකසීමේ වැදගත්කම මෙන්ම තම ව්‍යාපාරයෙහි මූල්‍ය තොරතුරු, වෙළදපොළ තොරතුරු සහ තාක්ෂණික තොරතුරු යනාදිය එක් කරමින් ව්‍යාපාරය සඳහා අදාල ව්‍යාපාර සැලැස්ම ප්‍රායෝගිකව සකසා ගන්නා ආකාරය පිළිබඳව අවබෝධය ලබාදීම සිදු කරන ලදි.
මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරි ලක්මාල් එදිරිසිංහ මහතා සහ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරි නර්මදා කරුණාතිලක මහත්මිය විසින් ලබා දෙනු ලැබීය.
ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම සහ අධීක්ෂණය මත මෙම වැඩසටහන කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරන ලදී.














