හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිවිල් සමාජ සංවිධානයන්ගේ ඒකරාශීත්වයෙන් හෝමාගම සිවිල් සමාජ සංවිධාන ප්‍රාදේශීය සම්මේලනය පිහිටුවීම පසුගියදා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
හෝමාගම ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාව සඳහා හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරී වසම් නියෝජනය කරමින් සිවිල් සංවිධාන නියෝජිතයන් රැසක් සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වය හිමිවිය.
ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත මෙම වැඩසටහන කාර්යාලයීය සමාජ සේවා අංශය විසින් සංවිධානය කරන ලදී.














