බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව පවත්වන ලද බස්නාහිර පළාත් වැඩිහිටි තරගාවලිය-2024 බත්තරමුල්ල  "සොබාදම් පියස" පරිශ්‍රයේදී  පසුගියදා පැවැත්විණි.

එහිදී හෝමාගම වැඩිහිටි බලමණ්ඩල සමාජිකයින් විසින්  සමූහ ගායනා තරග අංශයෙහි ප්‍රථම ස්ථානය, නව නිර්මාණ නර්තන අංශයෙහි ප්‍රථම ස්ථානය සහ සාම්ප්‍රදායික නර්තන අංශයෙහි ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත්විය.

දෙටු පුරවැසියන්ගේ කලා කෞශල්‍යයන් වඩාත් සංවර්ධනය කරමින් මෙම තරග අංශ සඳහා පුහුණු කිරීම කාර්යාලයීය සංවර්ධන නිලධාරී විශාරද සුජානි හෙට්ටිආරච්චි මිය, සංවර්ධන නිලධාරී ඉන්දුමා ජයංගනී මිය සහ සංවර්ධන නිලධාරී ආර්.ඒ.දේණු සාරංගි, සුමනා ජයතුංග මිය යන අය විසින් සිදුකරන ලදී.

ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත මෙම වැඩසටහන සඳහා සම්බන්ධීකරණය සහ සංවිධානය කාර්යාලයීය සමාජ සේවා අංශය සහ වැඩිහිට් බලමණ්ඩලය විසින් සිදුකෙරුණි.

20241006elders

20241006elders 2

20241006elders 3

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top