හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි ප්‍රජා විශෝධන ආඥාලාභීන් ඉලක්ක කරගනිමින් සංවිධානය වූ බෝධි පූජාමය පිංකම හා භාවනාමය වැඩසටහන පසුගියදා හෝමාගම පුරාණ විහාරස්ථානයේදී පවත්වන්නට යෙදුණි.
ප්‍රජා විශෝධන ආඥාලාභීන්ගේ මානසික සුවතාවය,යහපත් ජීවන පැවැත්ම සහ ආධ්‍යාත්මික සංවර්ධනය අරමුණ කරගනිමින් සංවිධානය වූ මෙම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් රැසකගේ සක්‍රීය දායකත්වයක් හිමිවිය .
මෙම වැඩසටහන සඳහා පාදුක්ක ප්‍රාදේශීය ලේකමි කාර්යාලයේ සංවර්ධන නිලධාරි (ප්‍රජා විශෝධන) සහභාගී වූ අතර, ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම සහ අධීක්ෂණය මත කාර්යාලයීය සංවර්ධන නිලධාරීන් (ප්‍රජා විශෝධන) විසින් සංවිධානය කරන ලදී.














