හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරනු ලැබූ "ව්‍යාපාර සායන" වැඩසටහන 2024.10.28 දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණ.
"සුවපත් ව්‍යාපාරයකට සුවහස් දිරියක්" යන තේමාව යටතේ කුඩා පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටළු සඳහා එකම ස්ථානයකින් විසඳුම් ලබා දීම වෙනුවෙන් සංවිධානය කළ මෙම වැඩසටහනට ආරාධිත රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක් සහභාගී වූ අතර, ඔවුන්ගෙන් ලබා ගත හැකි සේවාවන් පිළිබඳව ව්‍යවසායකයන් දැනුවත් කිරීම මෙහිදී සිදුවිය.
ඒ අනුව, මෙම වැඩසටහන සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය, GS1 ලංකා ආයතනය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය, ජලජ ජීවී වගා සංවර්ධන අධිකාරිය, ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය, ලංකා බැංකුව, KG Flex Packaging ආයතනය, Conceptual Sea Digital Marketing ආයතනය, Create Advertising Pvt Ltd ආයතනය, Singer Fashion ආයතනය සහ CIB ආයතනය නියෝජනය කරමින් නිලධාරී මහත්ම මහත්මීන් ද විදාතා නිලධාරී, නිපුණතා සංවර්ධන නිලධාරී, කෘෂි නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක, ව්‍යාපාර නාම ලියාපදිංචි නිලධාරී ඇතුළු නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වය හිමි විය.
ව්‍යවසායකයන් 75 දෙනෙකු මෙම වැඩසටහන සඳහා සහභාගී වූ අතර, ඔවුන්ට ඉහත ආයතන නියෝජිතයින් පෞද්ගලිකව හමුවී සාකච්ඡා කොට තම ගැටළු සඳහා විසඳුම්, උපදෙස් සහ මඟපෙන්වීම් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු එකම ස්ථානයකදී සලසා දී තිබීම මෙම වැඩසටහනෙහි සුවිශේෂීත්වය විය.














