මනෝමිතික පරීක්ෂණයක් මගින් අ.පො.ස. (උ.පෙ) විභාගය සඳහා ගැළපෙන විෂය ධාරාවක් තෝරා ගැනීම, ශ්‍රම වෙළඳපළ නව ප්රවණතා හඳුන්වා දීම සහ වෘත්තීය පුහුණු අවස්ථාවන් පිළිබඳව සිසුන් දැනුවත් කිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන පසුගියදා හෝමාගම ජනාධිපති මහා විද්‍යාලයේදී පැවැත්විණි.
එම විද්‍යාලයෙහි අ.පො.ස. (සා.පෙළ) විභාගය සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂිත සිසුන් 175 දෙනෙකු මෙම වැඩසටහනෙහි ඉලක්කගත ප්‍රතිලාභීන් ලෙස සහභාගී විය.
මෙහි සම්පත්දායකත්වය සඳහා මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවෙහි වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරීන් වන එරන්දති රන්දෙණිය මිය, තුෂාරි අනුරුද්ධිකා මිය, විජිතා පද්මකාන්ති මිය සහ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිපුණතා සංවර්ධන නිලධාරී සමන්ත පිරිස් මහතාගේ දායකත්වය හිමිවිය.
ප්‍රාදේශීය ලේකම්තුමාගේ මඟ පෙන්වීම මත කාර්යාලයීය මානව සම්පත් සංවර්ධන නිලධාරීන් සහ නිපුණතා සංවර්ධන නිලධාරීන් විසින් මෙම වැඩසටහන සංවිධානය සහ සම්බන්ධීකරණය කරන ලදී.














