ආරවුල් නිරවුල්කරණයට විකල්ප ක්‍රමවේදයක් ලෙසින් සමථකරණ භූමිකාව ජනගත කිරීම සහ සමථ මණ්ඩල ක්‍රියාවලිය සම්බන්ධයෙන් ප්‍රජාව දැනුම්වත් කිරීම මෙන්ම සමාජ ආරක්ෂණ ක්‍රමය සදහා දෙමාපියන් හා දරුවන් දායක කර ගැනීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ මෙම වැඩසටහන පසුගියදා හෝමාගම සිරි සීවලී පෙර පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.

මේ සඳහා අවැසි සම්පත්දායකත්වය කාර්යාලයීය සමථ සංවර්ධන නිලධාරී කේ.ඩී හිමාලි කටුගම්පල මහත්මිය සහ සමාජ ආරක්ෂණ නිලධාරී දිල්රුක්ෂි මුණසිංහ මෙනවිය විසින් ලබාදෙන ලදී.

සිරිසීවලී පෙර පාසලෙහි ආචාර්ය මණ්ඩලය සහ දෙමාපියන්ගේ රැසකගේ සහභාගීත්වය හිම්වූ අතර, ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත කාර්යාලයීය සමාජ ආරක්ෂණ නිලධාරී විසින් වැඩසටහන සංවිධානය කෙරුණි.

20241031conciliationprocess

20241031conciliationprocess 2

20241031conciliationprocess 3

20241031conciliationprocess 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top