බහුවිධ බුද්ධි න්‍යාය, මනෝමිතික පරීක්ෂණය මගින් සිසුන්ගේ බුද්ධි දක්ෂතාවයන් හඳුනා ගැනීමට අවශ්‍ය මග පෙන්වීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ මෙම වැඩසටහන පසුගියදා හෝමාගම මහා විද්‍යාලය පරිශ්‍රයේ දී පැවැත්විණි.
එම විද්‍යාලයෙහි 9 වසරෙහි අධ්‍යාපනය ලබන සිසුන් 90 දෙනෙකුට අධික සංඛ්‍යාවක් මේ සඳහා සහභාගී වූ අතර, මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුවේ වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරීන් වන ආනන්ද විජේකෝන් මහතා,තුෂාරි අනුරුද්ධිකා මහත්මිය සහ එරන්දති රන්දෙණිය මහත්මිය විසින් ලබාදෙන ලදී.
ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම සහ අධීක්ෂණය මත මෙම වැඩසටහන කාර්යාලයීය මානව සම්පත් සංවර්ධන නිලධාරීන් සහ නිපුණතා සංවර්ධන නිලධාරීන් විසින් සංවිධානය කෙරුණි.














