අනුන් කෙරෙහි සංවේදීත්වයෙන් යුත්, යහපත් මානව ගුණ වලින් හෙබි අනාගත පරපුරක් නිර්මාණයට අත්වැල සපයමින් පාසල් දරුවන්ගේ ජීවිත සාධනීයව නගාසිටුවමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ "ප්‍රේමයට පෙරවදනක්" රසවින්දනාත්මක වැඩසටහන 2025/02/13වන දින ගොඩගම සුභාරතී විද්‍යාලයේදී පැවැත්වෙන ලදී.
මේ සඳහා ප්‍රධාන සම්පත්දායකත්වය සංස්කෘතික ප්‍රවර්ධන නිලධාරී,සෞන්දර්ය විශ්වවිද්‍යාලයයේ බාහිර කතිකාචාර්ය සිසිර කුමාර මහගම මහතා විසින් සිදුකරන්නට යෙදුණි. විශාරද නදුන් හෙට්ටිආරච්චි, විශාරද දිස්නා සංජිවනි ,විශාරද නිර්මලා හදපාන්ගොඩ යන කලායතනාධිපතිවරුන් හා කලායතන සිසුන් මෙහිදී ගීත ගායනයෙන් දායකවූ අතර, ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩල අරමුදලෙහි මූල්‍ය අනුග්‍රහයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය. විද්‍යාලයෙහි විදුහල්පතිතුමන්,ආචාර්‍යමණ්ඩලය ප්‍රධාන පාසල් සිසුන් රැසක් මෙම වැඩසටහන සඳහා සහභාගී විය. ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම සහ අධීක්ෂණය මත මෙම වැඩසටහන කාර්යාලයීය සංස්කෘතික අංශය විසින් සංවිධානය කරන ලදී.














