"Clean Sri Lanka" වැඩසටහන හා සමගාමීව ප්‍රජාවගේ යහපත් දිවිපැවැත්ම අරමුණු කරගනිමින් සංවිධානය වූ "මත්ද්‍රව්‍ය නිවාරණ හා ප්‍රතිකාර අභිප්‍රේරණ" උපදේශන වැඩසටහන හෝමාගම ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථානයේදී පසුගියදා පැවැත්විණි.
මෙම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් 20කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වය හිමිවූ අතර, මේ සඳහා සම්පත්දායකත්වය මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනුරුත්ථාපන උපදේශන නිළධාරී නදීෂානී පේලිආරච්චි මහත්මිය විසින් සිදු කරන ලදී.
ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම සහ අධීක්ෂණය මත මෙම වැඩසටහන හෝමාගම ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලදී.














