හෝමාගම Clean Sri Lanka සමාරම්භක උත්සවය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025/02/28 දින පෙ.ව.8.00 හෝමාගම හරිත උයන පරිශ්‍රයේදී, (පරණ බස් නැවතුම්පළේදී ) පවත්වන ලදී.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩාවත්‍ත මැතිතුමා සහ හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී ඒ ඩී චින්තක මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී තේනුවර මහතා ඇතුළු කොට්ඨාසයේ රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන හා ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින්, මහජනතාව මෙම අවස්ථාවට සහභාගී විය.
සමාරම්භක උත්සවයෙන් අනතුරුව පැමිණ සිටි පිරිස හෝමාගම නව බස් නැවතුම්පොළ,විල්ෆ්‍රඩ් සේනානායක ක්‍රීඩාංගනය සහ හෝමාගම නගරයේ ප්‍රධාන මාර්ගය දෙපස පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන ලදී.














