ආර්ථික අපහසුතා සහිත පාසල් සිසුන් වෙත සවියක් වනු රිසින් පාසල් සිසුන්ගේ කැඩුණු පාසල් පාවහන් පිළිසකර කරදීම පසුගියදා හෝමාගම දම්සෙත් මහා විද්‍යලය, ජල්තර කණිෂ්ඨ විද්‍යාලය හා ලෙනගල කණිෂ්ඨ විද්‍යාලය යන විද්‍යාලයන් ආශ්‍රිතව පැවැත්විණි.
ඒ සඳහා ප්‍රජා විශෝධන ආඥාලාභීන් දෙදෙනෙකුගේ ශ්‍රමදායකත්වය හිමිවූ අතර, පාසල් ළමුන් 75 දෙනෙකුගේ පාවහන් මෙහිදී පිළිසකර කරන්නට යෙදුණි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරීන්ගේ සංවිධානයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.















