අනාගත වැඩලොව පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කරමින් සංවිධානය වූ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන පසුගියදා හෝමාගම හබරකඩ කණිෂ්ඨ විද්‍යාලයේදී ඉතා සාර්ථකව පැවැත්විණි.
එම විද්‍යාලයේ අ.පො.ස.(සා.පෙ) ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉලක්ක කරගනිමින් පැවැත්වුණු මෙම වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන හා සමගාමීව එම විද්‍යාලයේ 9 ශ්‍රේණියෙහි අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ඛාණ්ඩ විෂයන් තෝරා ගැනීම පිළිබඳව දැනුවත් කිරීමද සිදුවූ අතර, ඒ සඳහා සම්පත්දායකත්වය මිනිස්බල හා රැකිරක්ෂා, දෙපාර්තමේන්තුවේ වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරි විජිතා දලුවතුමුල්ල මහත්මිය විසින් ලබා දෙන ලදි.
ප්‍රාදේශීය ලේකම් තුමාගේ මග පෙන්වීම සහ අධීක්ෂණය මත මෙම වැඩසටහන කාර්යාලයීය මානව සම්පත් සංවර්ධන නිලධාරීන් විසින් සංවිධානය කරන ලදි.

















