COVID හේතුවෙන් බිඳී ගිය ශාරීරික හා මානසික ශක්තිය ගොඩනැගීමේ වැඩසටහනක්

කොවිඩ් 19 නිසා කඩා වැටුනු ව්‍යාසායකයින් වෙනුවෙන් කායික හා මානසික සෞඛ්‍ය හා ආර්ථික තත්වය නගා සිටුවීමේ ව්‍යාපෘතිය යටතේ ව්‍යසායකයින් 12 දෙනකු සඳහා මූල්‍යමය ප්‍රදාන ලබාදිම පිළිබද ව සහ එම ව්‍යාසයකයින්ට හා සමාන්‍ය ජනතාවට කොවිඩ් දැනුන ආකාරය පිළිබඳ "කොවිඩ් -19 කතා වස්තුව" නමින් පොතක් එලි දැක්වීම හා කොවිඩ් 19 කාලය තුළ කැපවිමෙන් රාජකාරි කළ රාජ්‍ය නිළධාරින් 08 දෙනකු ඇගයිමේ වැඩසටහන 2021.01. 26 දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දි පවත්වන ලදි.

මෙහි දි කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතා, හෝමාගම ප්‍රාදේශීය ලේකම් බුද්ධි තරංගා කරුණාසේන මහත්මිය, කොළඹ ප්‍රාදේශීය ලේකම් කංචනා ගුණවර්ධන මහත්මිය, අපදා කළමණාකරණ ඒකකයේ අධ්‍යක්ෂක බිගේඩියර් කනිෂ්ක හෙයියන්තුඩුව, අපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා, හෝමාගම ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය ජගත් කුමාර මහතා, කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය අංශයේ වෛද්‍ය දිලුකා ගුරුගේ මහත්මිය, දෙමටගොඩ ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.ඒ.එස්. පෙරේරා මහතා යන නිලධාරින් ඇගයිමට ලක් කරන ලදි.

මෙම වැඩසටහන සර්වෝදය කොළඹ දිස්ත්‍රික් කාර්යාලය හා ශාන්ති සේනා සංවිධානය විසින් සංවිධානය කරන ලද අතර UNDP රාජ්‍ය නොවන සංවිධානය මූල්‍ය දායකත්වය දරණ ලදි. මෙම අවස්ථාව සඳහා සර්ව ආගමික නායකයින් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරින් හා කොළඹ දිස්ත්‍රික්කයේ සර්වෝද සමිතිවල නිළධාරින් ද සහභාගි විය.

 
 
 
 
 
 

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top