හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි ප්‍රජා විශෝධන ආඥාලාභීන් ඉලක්ක කරගනිමින් සංවිධානය කරන ලද කණ්ඩායම් උපදේශනය, ක්‍රියාකාරකම් ආශ්‍රිත ඇගයුම් ඇතුළත් මත්නිවාරණ හා ප්‍රතිකාරාත්මක වැඩසටහන පසුගියදා කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන සම්බන්ධීකරණය හා සංවිධානය කාර්යාලයීය ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරී G.V.N.P ජයරත්න මහත්මිය සහ J.A.W.ජයසිංහ මහත්මිය විසින් සිදුකරන ලද අතර, මේ සඳහා සම්පත්දායකත්වය අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයෙහි බාහිර සේවා සහ උපදේශන නිලධාරී (මත්ද්‍රව්‍ය) පී.ඒ.එන් පද්මසිරි මහත්මිය විසින් ලබාදෙන ලදී.
















