ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩගේ මැතිතුමාගේ සභාපතිත්වයෙන් 2025.05.21 දින පවත්වන ලදී. මෙම රැස්වීමේදී කොට්ඨාසයේ සමස්ත සංවර්ධන වැඩසටහන් සම්බන්ධ ප්‍රගතිය හා ඉදිරිපත් වී ඇති ගැටලු සාකච්ඡා කරන ලදී. ගරු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මැතිතුමා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩාවත්‍ත මැතිතුමා සහ හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී ඒ ඩී චින්තක මහතා ,නියෝජ්‍ය අධ්‍යක්ෂක ජී ජී එන් එස් සම්පත් මහත්මිය ඇතුළු කොට්ඨාසයේ රාජ්‍ය නිලධාරීන් හා මහජනතාව සහභාගී විය.














