ව්‍යවසායකයන් හට තම ගුණාත්මක නිෂ්පාදන අලෙවි කිරීමට අවශ්‍ය ආයතන හා සම්බන්ධ කිරීම වෙනුවෙන් සංවිධානය කළ "ගැණුම්කරු විකුණුම්කරු" වැඩසටහන පසුගියදා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මේ සඳහා ඇඟලුම්, ආහාර නිෂ්පාදන, පාවහන්, බෑග්, අත්කම් නිර්මාණ හා විසිතුරු මත්ස්‍ය යන අංශ වල ව්‍යවසායකයන් 80 දෙනෙකු පමණ සහභාගී විය.
ඒ අනුව මෙම වැඩසටහන සඳහා ලක්සල ආයතනය, ආ(ර්)පිකෝ ආයතනය,ක්‍රිශාන්ත සුපර්, චන්දුල වෙළඳ විමන, රිච්ලුක් ආයතනය, සුදු අරලිය ෆුඩ් සිටි, යසිරු ට්‍රේඩර්ස්, Glomark, CIB, කාර්ගිල්ස් සිලෝන් පී.එල්.සී, ශයින් ඇක්වා ඉන්ටර්නැෂනල්, නියෝන් ඇක්වා ෆාම් ආයතනය, Tsuyoshi Trading (pvt) LTD, MR ඇක්වේරියම් ආයතනය, ලුම්බිණි ඇක්වේරියම් ආයතනය ආදී වශයෙන් ආයතන 15 ක් පමණ ගැණුම්කරු ආයතන ලෙස සම්බන්ධ විය.
ප්‍රාදේශීය ලේකම්තුමන් හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ උපදෙස් පරිදි දිස්ත්‍රික් ජලජීවී වගා ව්‍යාප්ති කාර්යාලයේ සහයෝගයෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.
මෙම වැඩසටහන සංවිධානය සහ සම්බන්ධීකරණය කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සිදුකරන ලදී.






















