1

" දැයට එළිය" සැමට විදුලිය ලබාදීමේ ජාතික වැඩසටහන / හෝමාගම 

ලංකා විදුලි බල මණ්ඩලය , විදුලිබල අමාත්‍යාංශය හා සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශය එක්ව ගෘහස්ථ විදුලිය නොමැති සමෘද්ධි ලාභීන්ට හා පොරොත්තු ලේඛනගත අඩුආදායම්ලාභීන්ට නොමිලයේ විදුලි සම්බන්ධතාව ලබාදීමේ ජාතික වැඩසටහනට සමගාමීව හෝමාගම කොට්ඨාසයේ සමාරම්භක උත්සවය 2021-03-20 දින හෝමාගම විල්ෆ්‍රඩ් සේනානායක ක්‍රීඩංගනයේ සුනිල් පෙරුම්බුලි ශාලාවේදී හෝමාගම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සම්පත් ජයසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් සිදුකෙරුනා . හෝමාගම ප්‍රාදේශීය සභාවේ ගරු උප සභාපති බන්දුල රන්ජන් ඉලේපෙරුම මහතා ප්‍රමුඛ සියළු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන් , වෙළඳ කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් සිරිපාල දේවමුල්ල මැතිතුමා , ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණේ පාලිත ⁣කුමාර මහතා, හෝමාගම විදුලි ඉංජිනේරු ජීවන්ති චන්ද්‍රසේකර මෙනවිය, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ සැලසුම් නිලංකා සම්පත් මහත්මිය , සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු නොමිලයේ විදුලි සම්බන්ධතාව ලබාගැනීමට සුදුසුකම් ලැබූවන් මෙම අවස්ථාවට එක්ව සිටියා. නොමිලයේ විදුලි සම්බන්ධතාව ලබාදීමට සුදුසුකම් ලැබූවන් ගේ නිවෙස් වල අභ්‍යන්තර විදුලි රැහැන් ඇදීම ඇතුළු අනෙකුත් කටයුතු සදහා දැරීමට සිදුවන වියදම් සදහා සහන පොලියක් මත සමෘද්ධි ප්‍රජා මූල බැංකු හරහා " සමෘද්ධි ආලෝක" ණය මුදලක්ද ලබාදීමට කටයුතු කෙරේ. කිරිගම්පමුණුව 'සුහස්සි' කලායතනය මගීන් ඉදිරිපත් කල නර්තනාංග කිහිපයකින් මෙදින උත්සවය අලංකාරවත් වුනා.

1

6

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top