මත්තෙගොඩ විද්‍යාදීප මහා විද්‍යාලයේ උසස් පෙළ විභාගය සඳහා ඉදිරියේදී ඉදිරිපත්වීමට අපේක්ෂිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සංවිධානය කරන ලද වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන 2025-06-26 වන දින එම විද්‍යාල පරිශ්‍රයේදී පවත්වන ලදී.
අනාගත වැඩ ලෝකයට ගැලපෙන ආකාරයට මානව සම්පත සවිබල ගැන්වීම, ශ්‍රම වෙළඳපොළ නව ප්‍රවණතාවලට අනුව නිපුණතා සංවර්ධනයට අදාල වෘත්තීය පුහුණු අවස්ථාවන් පිළිබඳ දැනුවත් කිරීම මෙම වැඩසටහනෙහි මුඛ්‍ය අරමුණු ව්ය.
මේ සඳහා සම්පත්දායකත්වය මානව සම්පත් සංවර්ධන නිලධාරීන් හා නිපුණතා සංවර්ධන නිලධාරීන් විසින් ලබා දුන් අතර, මානව සම්පත් සංවර්ධන නිලධාරීන් හා නිපුණතා සංවර්ධන නිලධාරීන් විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය සහ සංවිධානය කරන ලදී.
















