අධිකරණ අමාත්‍යාංශය හා සමථ මණ්ඩල කොමිෂන් සභාව වෙතින් හෝමාගම සමථ මූල මණ්ඩලයට නව සභිකයින් පත් කර ගැනීම සදහා නාමයෝජනා කැඳවීමෙන් අනතුරුව, තෝරාගත් සභිකයන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය හා දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය දා ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විය.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී චින්තක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයෙහි දී, සහභාගී වූ නවක සභිකයන් වෙත පත්වීම ප්‍රදානය කිරීම එතුමා විසින් සිදුකරන ලදී. මේ අවස්ථාව හා සබැඳි දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා සම්පත්දායකත්වය දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී, කාර්යාලයීය සමථ සංවර්ධන නිලධාරී සහ හෝමාගම සමථ මූල මණ්ඩල සභාපතිතුමන් විසින් ලබාදෙන ලදී. ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම සහ අධීක්ෂණය මත මෙම වැඩසටහන සංවිධානය සහ සම්බන්ධීකරණය කාර්යාලයීය සමථ සංවර්ධන නිලධාරී විසින් සිදුකරන ලදී.




















