ඖෂධ පැළෑටිවල වටිනාකම පිළිබඳව සහ ඒවා භාවිතා කරන ආකාරය පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන 2025.07.04 දින වෑතර මහා විද්‍යාල පරිශ්‍රයේදී පවත්වන ලදී.
මෙහිදී දරුවන් වෙත ඖෂධ පැළෑටි එකිනෙක හඳුන්වා දෙමින් අත් බෙහෙත් සාදාගන්නා ආකාරය සහ එම පැළෑටි රෝපණය කිරීමට දරුවන් පෙළඹවීම යන කාරණා මූලික කර ගනිමන් ආයුර්වේද වෛද්‍ය අර්ජුන පන්නිල මහතා විසින් මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය සැපයූ අතර එම විද්‍යාලයේ 6 හා 7ශ්‍රේණිවල සිසුන් මෙම වැඩසටහන සඳහා සහභාගි විය .
මෙම වැඩසටහන සඳහා ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ මග පෙන්වීම සහ අධීක්ෂණය මත කාර්යාලීය සංවර්ධන නිලධාරී (දේශීය වෛද්‍ය) නිලධාරි විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.


















