ජාතික තරුණ දිනයට සමගාමීව දිවයින පුරා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් යෞවන සමාජ පිහිටුවීම හා ප්‍රතිසංවිධානය කිරීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කහතුඩුව බටහිර ග්‍රාම නිලධාරී වසමේ යෞවන සමාජය පිහිටුවීම 2025.07.08 වන දින කහතඩුව සමගි සේවා පියසේදී සිදු කරන ලදී.

මෙම වැඩසටහන කාර්යාලයීය තරුණ සේවා නිලධාරිනී තනුජා දිසානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා වයස අවුරුදු 15-29 අතර යෞවන යෞවනියන් බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත් වූ අතර, ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ මග පෙන්වීම මත කහතුඩුව බටහිර ග්‍රාම නිලධාරී වසමේ සංවර්ධන නිලධාරී එච්.එම්. අයි.එච්. එරන්දිකා මහත්මිය, ග්‍රාම නිලධාරී ලලනී නිරංජලා මහත්මිය සහ සමෘද්ධි සංවර්ධන නිලධාරී ලසන්ත බෙරගම යන නිලධාරී මහත්ම මහත්මීන් විසින් මෙම වැඩසටහන සංවිධානය සහ සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදී.

20250708NationalYouthDaypro

20250708NationalYouthDaypro 2

20250708NationalYouthDaypro 3

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top