සමාජයේ හුදකලාව වාසය කරන පිරිසකට සතුට, විනෝදය හා සෙනෙහස ලබා දීමේ අරමුණින් හෝමාගම ප්රාදේශීය සංස්කෘතික බලමණ්ඩලය සහ කාර්යාලයීය සංස්කෘතික අංශය විසින් සංවිධානය කරන ලද පැදුරු සාජ්ජය පසුගිය දා පානලුව, ගල්වලමුල්ල "සෙනෙහස " වැඩිහිටි නිවාසයයේදී පැවැත්විණි.
සංස්කෘතික බලමණ්ඩල සාමාජිකාවන්ගේ ගායනයෙන් හැඩවුණු මෙම අවස්ථාව සඳහා පනාගොඩ හෙරිටේජ් සවුන්ඩ්ස් අධිපති කමල් ඉලේපෙරුම මහතා විසින් නොමිලේ ශබ්ද වාහිනී යන්ත්ර ලබාදෙන ලදී.
මෙහිදී වැඩිහිටි නිවාසයෙහි රැඳවියන් සඳහා තේපැන් සංග්රහයක් සහ ඇදුම් හා බෙහෙත් ලබා දීමද සිදුකෙරුණි.
ප්රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම සහ අධීක්ෂණය මත මෙම වැඩසටහන සංස්කෘතික නිලධාරී විසින් සිදුකරන ලදී.


















