සමෘද්ධි ව්‍යාපාරයට වසර තිහක් (30) සම්පූර්ණ වීම නිමිත්තෙන් "කඩල" දන්සැලක් ජූලි දහවන ඇසළ පොහෝ දින මීගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකුව ඉදිරිපිටදී පවත්වන ලදී.
මීගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකු කළමණාකරු රේණුකා පල්ලගේ මහත්මියගේ මූලිකත්වයෙන් මීගොඩ සමෘද්ධි කලාපයට අයත් බැංකු හා ක්ෂේත්‍ර සමෘද්ධි සංවර්ධන නිලධාරි කාර්යය මණ්ඩලය, සමෘද්ධි ප්‍රජා මූල සංවිධාන වල ගරු සභාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් මෙම කඩල දන්සැල සංවිධානය කරන ලදී.


















