හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සිටින කාන්තාවන්ගේ දැනුම කුසලතා ආකල්ප වැඩි දියුණු කිරීමේ අරමුණ ඇතිව හෝමාගම ප්‍රාදේශීය කාන්තා බලමණ්ඩලයෙහි මාගම්මන බටහිර කාන්තා කාර්යය සංවිධානය ප්‍රතිසංවිධානය කිරීම 2025.07.11 වන දින මාගම්මන බටහිර පුරාණ විහාරයේදී සිදු කරන ලදී.
මෙම අවස්ථාව සඳහා එම කොට්ඨාසය තුල පදිංචි කාන්තාවන් 40 කු පමණ සහභාගී වූ අතර ප්‍රාදේශීය ලේකම්තුමාගේ මඟපෙන්වීම හා අධීක්ෂණය මත කාර්යාලීයය වනිතා සංවර්ධන නිලධාරි විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
















