ලොව පුරා කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන සෞඛ්‍ය ගැටලුවක් ලෙස හඳුනා ගැනෙන, ගැබ්ගෙල පිළිකාව කල් ඇතිව හඳුනාගෙන අවධානම අවම කර ගැනීමේ අරමුණින් රිලාවල වසමේ කාන්තාවන් ඉලක්ක කර ගනිමින් ගැබ්ගෙල පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.07.13 වන දින රිලාවල සුසීමාරාම විහාරස්ථානයේ දී පවත්වන ලදී.
මෙහිදී ගැබ්ගෙල පිළිකා වර්ග, රෝග ලක්ෂණ, ප්‍රතිකාර සහ වැළැක්වීම පිළිබඳව පුළුල් ලෙස දැනුවත් කරමින්, මහරගම පිළිකා රෝහලේ වෛද්‍ය ලක්මාල් සෙනෙවිරත්න මහතා විසින් සම්පත් දායකත්වය ලබා දුන් අතර, රිලාවල වසමේ රාජ්‍ය නිලධාරීන් හා ග්‍රාම සංවර්ධන සමිතිය විසින් මෙම වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදී.

















