හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල අස්වැසුම වැඩසටහන යටතේ සවිබල ගැන්වීම සදහා තෝරා ගන්නා ලද ප්‍රතිලාභීන්ගේ ව්‍යාපාර හැකියා සංවර්ධනය කර ඔවුන් සවිබල ගැන්වීම සදහා ක්ෂේත්‍ර සමෘද්ධි සංවර්ධන නිලධාරීන් පුහුණු කිරීමේ වැඩමුළුවක් පසුගිය පහලොස් වන (15) දින හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී තේනුවර මහතාගේ ප්‍රදානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.

 

ජ්‍යෙෂ්ඨ පුහුණු කරුවන් වන සමෘද්ධි කළමණාකරු ගෝපිකා පල්ලියගුරු හා කුමුදු පෙරේරා යන මහත්මීන් විසින් මේ සදහා සම්පත් දායකත්වය ලබාදෙන ලදී.

හෝමාගම සමෘද්ධි බැංකු සමීති කළමණාකරු පී.එස්.වේවැල්වල මහත්මිය, මූලස්ථාන සමෘද්ධි කළමණාකරු ටී.ජී.ශ්‍රියානි මහත්මිය, ව්‍යාපෘති කලමණාකරු ශාන්ත ජයසූරිය යන මහත්ම මහත්මීන් ක්ෂේත්‍ර සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හා සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමීති කාර්යය මණ්ඩලය මෙම පුහුණු වැඩමුළුට සහභාගි වූහ.

ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ උපදෙස් හා මගපෙන්විම මත සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමීතියේ ව්‍යාපෘති අංශය මගීන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

20250715savibalagenvimaprog

20250715savibalagenvimaprog 2

20250715savibalagenvimaprog 3

20250715savibalagenvimaprog 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top