රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියයට අනුකූලව රජයේ නිලධාරීන් සඳහා දෙමළ භාෂාව පිළිබඳව ප්‍රවීනතාවය ලබාදීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වන රාජ්‍ය නිලධාරීන් සදහා පැය 150ක දෙමල භාෂා පාඨමාලාව 2025.07.15 වන දින මාර්ගගත ක්‍රමයට ආරම්භ විය.
2025.07.15 වන දින සිට බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ ඉරිදා දිනයන්හි මෙම මාර්ගගත වැඩසටහන පැවැත්වීමට අපේක්ෂිතවේ. මේ සඳහා ප්‍රතිලාභීන් 100 දෙනෙකු සහභාගී වූ අතර,ඒ සඳහා සම්පත්දායකත්වය දමිළ භාෂා උපදේශක පී.පෙමිලා මහත්මිය විසින් ලබාදෙන ලදී.
මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් හිමිවන අතර, ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම සහ අධීක්ෂණය මත වැඩසටහන සංවිධානය සහ සම්බන්ධිකරණය කාර්යාලයීය ජාතික එකාබද්ධතා සම්බණ්ධිකාරක විසින් සිදුකරන ලදී.
















